Saturday, September 3, 2011

හැඳින්වීම



                            ඉන්දියන් සාගරයේ මැද්දට වන්නට ඇති කුඩා තිතකි. නමින් ශ්‍රී ලංකා ලෙස හැඳින් වූ මේ කුඩා රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස කව්රුත් හඳුන්වයි. සතර කොනින්ම මුහුදෙන් වටවූ මේ දුපත ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25 332 කි.  
                                              
                                                   


                                          මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතීන් ජීවත් වන අතර බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු යන ආගම් අදහන අය ප්‍රධාන වශයෙන් ජීවත් වෙයි. මිලියන දෙකකට අධික පිරිසකට උරුමකම් කියන මේ ශ්‍රී ලංකාව ලෝකයේ ඇති සුන්දරම රාජ්‍යය ලෙස හැඳින් වුවහොත් නිවැරදිය. මන්ද එය සෞන්ධර්යාත්මක අතින්ද භූගෝලීය පිහිටීම අතින්ද ජීවත් වීමට ඉතා සුදුසු නිජබිමකි. ඇති විශාල විදේශිකයන් පිරිසක් මේ කුඩා දිවයින නැරඹීම සඳහා පැමිණෙන්නේද ඒ නිසාමය.

                                        ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙරට අගනුවර වන අතර කොළඹ ප්‍රධානම නගරයයි. පාලනයේ පහසුව සඳහා මෙය පළාත් නමයකින්ද, දිස්ත්‍රික්ක 25 කින්ද යුත් කොටස් වලට බෙදා ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකාව අනෙක් රටවල අතරින් වෙනස් වෙන තව කරුණක් වන්නේ ජාතීන් අතර ඇති සහයෝගීතවයයි. එකිනෙකා අතර උදව් කරගැනීමට මොවුන් මහත් ලැදියාවක් දක්වයි. ඒ නිසා ශ්‍රී ලංකාව තුල ජාති භේද ආගම් භේද කිසිවක් නැත.

                                       එම ස්තාන නෑරබිමට විවිද රටවල්ගෙන් දහස් ගනනින් වු සන්චාරකයින් අප දිවඉනට පමිනෙයි.කඩුකරයේ හරිත නිමනයේ සෑදෙන තේ කොල අපගේ ප්‍රධාන අපනයන බෝගයයි.තවද මුහුදුකරයේ පොල්ද,තැනිතලවෙන් ලබාගන්නා රබර්ද අපගේ අපනයන බොග අතර ඇත.දසත පුරා විහිද අති කෙත් වතුද ශ්‍රි ලංකවේ අවේනික වු සුන්දරත්වය දෙගුන තෙගුන කරයි.විවිධ වර්ගයේ පස් ගනයන් අති අප රටෙහි වග කල නොහකි එකදු හො බිම් අගලක් නොමැති අතර ලොකයේ ඇති ඕනෑම භෝගයක් අපගෙ මව් බිමෙහි වගා කල හැක.අනුරධපුරෙයෙහි ඇති පස වී වගාවටද,කන්ද උඩරට පස විවිධ භෝග වලටද ගත හැක. ලංකවේ ලොකුම වන ගහනය වන්නේ සිංහරාජ වනයයි. මෙම වැසි වනාන්තරය ස්භාවික ශාක ප්‍රජාවන්ගෙන් අනූන වන අතර ශ්‍රිලංකවේ නිරිතදිග ප්‍රදේශයේ වර්ග කි.මි.22500ක පමණ ප්‍රමණයක් ආවරණය කරයි.මෙය ලෝක උරුමයකි.


                                  


                                                                                               

                                                    ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්‍ය පිළිබදව කතා කරන විට අපට ප්‍රථමයෙන් සිහියට නැගෙන්නේ සිංහරාජ වන පෙතයි. ශ්‍රි ලංකාවට අවේණික වූ ශාක මෙන්ම සතුන්ගෙන්ද සමන්විත වුනු මෙම වන ගැබ සැබැවින්ම අති රමණීය වේ. මෙහි වර්ග ප්‍රමාණය වරිග කිලෝ මීටර 88.64 වන අතර සබරගමු පලාතේ මෙය පිහිටා ඇත. අලංකාර ගංගා , දිය ඇලි රැසක් මෙම භූමි භාගය ඔස්සේ ගලා බසී. ශ්‍රී ලංකාවට අවේණික ශාක රැසකගෙන් මෙය පොහොසත්ය. දෙස් විදෙස් ජනතවගේ අවධානය යොමු වූ ස්ථානයක් ලෙස මෙය වැදගත් වේ.



                      




 
                          



                               මීට අමතරව සුන්දර ප්‍රදේශ ගණනාවක් ශ්‍රී ලංකාව සතුය. ඉන් ඉතාමත් වැදගත් වන්නේ හෝර්ටන් තැන්නයි. මෙහි ශ්‍රීලංකාවට අවේණික මෙන්ම අවේණික නොවන ශාක සහ සතුන් රැසක් ම ජීවත් වෙති. රොබට් හොර්ටන් නමැති ඉන්ග්‍රීසි ජාතඉකයා විසින් සොයාගන්නා ලද මෙම ප්‍රදේශය කෙරෙහි මුලු මහත් ලෝකයම අවධානයෙන් බලා සිටියි.







                                     අසිරිමත් වෙරළ තීරයක් ද මේ දිවයිනට අයත්ය. රට වට බැදි මුතු පටක් ලෙස එබැවිනි ඇමෙරිකානු ජාතික ආතර් සී ක්ලාක් මහතා ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය බලා ගමන් කිරීමේදී මේ කුඩා දිවයින දැක පුදුමයට පත්ව මෙහි පුරවැසි භාවය පවා ලබා ගත්තේය. පොල්හේන, උණවටුන වැනි කොරල් පර වලින් සමන්විත මුහුදු ප්‍රදේශ පවා අප සතුය.
                                         විශේෂයෙන්ම සුන්දරත්වය අතින් පරිපුර්ණ රටක් ලෙස ශ්‍රී ලංකාව මුළු ලෝකයම හඳුනයි. ඇළ, දොළ, ගංගා දිය ඇලි වලින් ඒ සුන්දරත්වය මනාව පිළිබිඹු වේ. තුරු ලතා, වන උයන් ආදියෙන් සපිරුණු මේ සුන්දර දිවයින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාදීසයකි.