සිංහල බෞද්ධ රටකැ'යි හැදින්වූවද, මේ ශ්රිලංකාද්වීපයේ හින්දු, ඉස්ලාම්, කතෝලික , ක්‍රිස්තියානි, වැනි ආගම් ද ප්‍රචලිතය. එය මුළු ජන ප්‍රමාණයෙන් ප්‍රතිශතය ලෙස පහත දැක්වේ.
හින්දු - 7.9%
ඉස්ලාම් - 6.9%
කතෝලික - 8.3%
\
විව්ධ ආගම් , විවිධ ජාතීන් , විව්ධ භාෂාවන්ගෙන් සමන්විත වූවත් අප රටේ ජනතව දැඩි මිත්‍රත්වයකින් බැදී සාමූහිකව දිවි ගෙවති.
අතීතයේදී "සිලෝන් " නමින් හැදින් වූ අප දේශය සතුව වටිනා ස|න්ස්කෘතියක් පවතී. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන උදාර සංකල්පය අප රටේ සංස්කෘතිය විදහා පායි. අපගේ සංස්කෘතිය වනාහි බෞද්ධාගම සමග බැදී පවතින්නකි. සී සෑමේ මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය වනි කෘෂිකර්මාන්තය සමග සබැදි සිරිත් විරිත් රැසකි.
අතීතයේ සිටම උසස් සංස්කෘතියක් ඇති ශ්‍රී ලංකාවේ විවිද සංස්කෘතීන් දක්නට ලැබේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙය සනාථ කිරීමට ඇති කදිම නිදසුනි. සිංහල මෙන්ම දමිළ ජනතාව පොදුවේ සමරන මේ උත්සවය අප්‍රියෙල් මාසය තුල උදාවේ. හෙළ සිරිත් විරිත් වලට මුල් තැන දෙන මේ උත්සවයෙහි ඇති විශේෂත්වය වන්නේ නැකත් වෙලාවකට විවධ කාර්යයන් සිදු කිරීමයි.